Wednesday, August 3, 2011

ආදරයක් නොවූ ආදර කතාවක් (4-අවසාන කොටස)

එදා කවිකාරිල අමිල අයියලගෙ ගෙදරින් පිටත් වුනා. ඊට පස්සෙ කවිකාරිල ගියේ රත්නපුරේ නැන්දලගෙ ගෙදර. ඔය යන ගමන් එයාලා එක එක දේවල් කතා වුනා. ඔන්න ඉතින් තවත් ටිකක් වෙලා ගිහින් කවිකාරිලත් එක්ක ගමනට සහභාගි වුන නැන්දයි පුංචියි ආපහු කොළඔ යන්න පිටත් වුනා. එදා දවසත් ඔන්න ඔය විදියටයි ගෙවිලා ගියේ. එදා රෑ කවිකාරිල හිටියේ රත්නපුරේ එයාලගේ නැන්දලගෙ ගෙදර. වෙනදට හැමදාම කතාකරන අමිල අයියා එදා කතා කලේ නෑ.හැමෝම ඇහුවා අයියා කතා කලාද කියලා.මම කිවුවා අද රෑට අයියා වැඩට යනවා කිවුවා තව රෑ වෙලා සමහර විට කතා කරාවි කියලා. ඒත් කෝල් එකක් තියා එස් එම් එස් එකක් වත් ආවෙ නෑ. ඒත් මම හැමදාම වගේ අපි නැන්දලගෙ ගෙදර ආව කියලා එස් එම් එස් එකක් ගැහුවා. එදා රෑ අපේ නැන්දට බඩේ කැක්කුමක් හැදුනා.

එයා රෑ තිස්සෙ හිටියෙ හරිම අමාරුවෙන්. අපේ තාත්තත් බඩ අප්සෙට් කියලා දෙතුන් පාරක්ම ටොයිලට් ගියා. කොහොම වුනත් උදේ වෙනකොට දෙන්නටම ඒ තරම් අමාරුවක් තිබුනෙ නෑ. දැන් ඉතින් ස්කෝලෙ නිවාඩුවත් ඉවර නිසා එහෙම්මම නුවර යන්න කවිකාරි පිටත් වුනා.කවිකාරිලගෙ අම්මයි තාත්තයි ගෙදර යන්න පිටත් වුනා. ඉතින් එදා කවිකාරි ගියේ බෝඩිමට. ඊලග දවසෙ ස්කෝලෙ යන්න ලෑස්ති වුනා. එස් එම් එස් එකට රිප්ලයි එකක් වත් ආපු නැති නිසා කවිකාරි අමිල අයියට කෝල් එකක් ගත්තා. ෆෝන් එක වැඩ කලේ නෑ. ඊට පස්සෙ ගෙදර ෆෝන් එකට කෝල් කලා. ඒකට ආන්ස(ර්) කලේ අමිල අයියගෙ අම්මා.

එයා කිවුවා "අයියා ෆෝන් එකගෙදර දාලා ගිහිල්ලා දුවේ.ගෙදර ආවම කෝල් එකක් දේවි කියලා."ඊ ලග දවසෙ මම ස්කෝලෙ ගියා.වෙනද වගේම ළමයින්ට ඉගැන්නුවා. විවේක කාලෙදි මගේ යාලුවෝ දෙන්න විස්තර ඇහුවා.මම එයාලා දෙන්නත් එක්ක ඔක්කොම කිවුවා.එදා පාසල ඇරුනට පස්සෙ මම ‍බෝඩිමට ගියා.

එදා හවස කවිකාරිලගෙ අම්මා කතා කරලා අමිල අයියගෙ අම්මා කතා කල විත්තිය කිවුවා.අමිල අයියගේ අම්මා ඇහුවලු ඔයාලගේ ආපු කවුරු හරි ලෙඩ වුනාද කියලා. අපේ අම්මත් කියලා දෙතුන් දෙනෙකුට බඩේ කැක්කුම හැදුනා කියලා. ඊට පස්සෙ ඒ ඇන්ටි කියලා අපේ පුතාටයි දුවටයි දෙන්නටම එදා රෑ  අසනීප වුනානෙ කියලා. ඊට පස්සෙ කිවුවලු එදා චිකන් එක දෙපාරට ගෙනල්ල හැදුවෙ. ඒක තමා අප්සෙට් වුනේ කියලා. අපේ අම්මා මට කිවුවා හරියට කෑම වේලක් දෙන්න බැරි මිනිස්සුත් එක්ක මොන මගුල් ද ඔයා හිත හදා ගන්න කියලා. මම කිවුවා ඕක අත් වැරදීමක්නෙ  අම්මා අපි ඕක ගන්න ගන්නෙ නැතුව ඉමු කියලා. ඇත්තටම ඊට පසසසෙ අමිල අයියා කතා කලේ නෑ. අමිමා ඇහුවා අයියා කතා කලාද කියලා මම නෑ කිවුවා. ඊට පස්සෙ අපේ ගෙදරින් කුරුවිටට කතා කලා. එතකොට අමිල අයියගෙ අමිමා කියලා එදා ආපු අය එයාට විහිලු කරලලු මම අයියට වැඩිය උස පේනවා කියලා. ඒකට අප්සෙට් ගිහිල්ලා එයා කියලා මම ගෙදරට ගේන කෙල්ලට කවුරුත් මොනවත් කියවනට කැමති නෑ. මම මේ නංගි මෙහේ ගෙනාවොත් එයාට එක එක කතා කියයි. එහෙම දුකක් එයාට දෙන්න ඕන නෑ කියලා. එයා මට ආයෙ කතා කරන්නෙ නැ කියලා ගෙදර අයට කියලා. අමිල අයියගෙ අම්මා කියලා අපිටත් හරි දුකයි වෙච්ච දේට කියලා.

අපේ අම්මත් කියලා ගෑනු ළමයිව බලන්න ආපු දවසෙත් උස බලලා නේද කැමති වුනේ. මීට පස්සෙවත් පුතාට මනමාළියෝ බලනකොට ඔයාගෙ යාලුවාත් එක්කගෙන යන්න. පළවෙනි දවසෙම බෑ කියන්න . ඔය විදියට ගෑනු ළමයිගෙ ජීවිතත් එක්ක සෙලලම් කරන්න එපා.කියලා අම්මාත් කේන්තියට කියලා.

මොනා කරන්නද ඇත්තටම මම ඔච්චර දුරකට මේක හිතුවෙ නෑ.මට නෑයොන්ට මූණ දෙන්නත් ඇත්තටම අමාරු වුනා. එදා මම ඒ ගමන නොගියා නම් අපි තාමත් ආදරය කරාවි.එහෙනම් මට මේ දේට මුහුණ දෙන්න වෙන්නෙ මීට වඩා වෙනස් විදියට මම හිතුවා. මේ ලෝකෙ ඉන්නෙ පුදුම මිනිස්සු කියලයි මට හිතුනෙ.මම ගොඩක් ඇඩුවා. උස පිටින් දැම්මෙ එදා එයාලගෙ ගෙදරදි කෑම දීලා එයාලට වෙච්ච ලැජ්ජාව වෙන්න ඇති. ඔන්න එක දවසක් අමාලි අක්කා මට කතා කලා. මම විස්තර ඔක්කොම එයාට කිවුවා. එයාටත් හරි දූකයි.එයා අමිල අයියට කෝල් කලාට එයත් එක්කවත් අමිල අයියා කතා කරලා නෑ. හැබැයි එස් එම් එස් එකක් නම් එවලා අක්කගෙන් සමාව ඉල්ලලා. ඒක අමාලි අක්කා පස්සෙ දවසක මට පෙන්නුවා. එයා කියලා තිබුනා "මම ඒ නංගිට ගොඩක් ආදරෙයි.‍ දෙන්නටම දුක වැඩි වෙන නිසයි මට කතා නොකලෙ කියලා. මමත් ඉන්නෙ හරි දුකින් අක්කෙ" කියලත් ගහලා තිබුනා. ඇත්තටම මට හිතුනා මම ගොඩක් ලොකු දේකින් බේරුනා කියලා. මේකටද සැබෑ ආදරය කියලා කියන්නෙ. මේ වගෙ කොන්ද පණ නැති පිරිමි ඉන්නවද කියලා මට හිතුනා.එයා බලන්න ගියපු අනෙක් ගෑණු ළමයි හත් දෙනාටත් මේ දේම නේද සිද්ධ වෙන්න ඇත්තෙ.දුවේ ඔයාට හොද දරුවෙක් හම්බ වෙයි කියලා නැන්දලා කිවුවා. එයා ඔයාගෙ විදියට සෝසල් නෑ කියලා එදාමයි අපිට හිතුනෙ කියලා නැන්දලා කිවුවා. ටික දවසක් යන කම් මම ඇඩුවා.



මුහුදෙ ඉන්නෙ එක මාලුවායැයි කියලා මට හිතුනා. උස කොල්ලෝ ලෝකේ කොච්චර ඉන්නවාද,  මට දුක කාටවත් දුකක් නොදීපු මම වගේ කෙල්ලෙකුටත් මෙහෙම දෙයක් සිද්ධ වුනානෙ.කොහොම හරි කොල්ලො සංහතියම එපා වුනා. දැන්නම් කතාව ලියලා ඉවරයි. මේක කියවන ඔයාලට මොනා හතෙයි ද දන්නෙ නෑ. 



මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට ඇරන් යන්න ඇත්තේ 
ඒ මතකය විතරයි...............................................

Saturday, July 30, 2011

ආදරයක් නොවූ ආදර කතාවක් (3)

 ඔයාලා හැමෝම දන්නවනෙ කවිකාරිව බලන්න මනමාළයෙක් ආපු විත්තිය. දැන් කියන්න යන්නෙ එදා ඒ අය ඇවිත් ගියාට පසසෙ වුන දේවල්. කතාව ටිකක් දිග නිසයි කොටස් කීපයකට ගහන්න හිතුවෙ. ඔයාලට එපා වෙයිද දන්නෙත් නෑ. එදා රෑ අපේ අම්මා ඇහුවා "මොකද දුවේ ඔයා අද ආපු අයියට කැමතිද ?"ඇහුවා මම කිවුවා "අම්මලගෙ කැමැත්තක් මට නම් විශේෂ කැමැත්තක් නෑ" කියලා.

ඔන්න එදා රෑ කුරුවිටින් කෝල් එකක් ආවා. එයාලගේ අම්මා අපේ අම්මට  කිවුවා අපේ පුතා නම් දුවට කැමතියි දුව මොනාද කියන්නෙ කියලා ඇහුවා. අපේ අම්මා කිවුවා දුව නම් මොකුත් කිවුවෙ නෑ. අපි තව ටිකක් බලමු කියලා. ඔය විදියට ටික දවසක් ගෙවිලා ගියා. දෙපැත්‍තෙන්ම කිවුවා දෙන්නට කතා කරලා බලන්න කියලා. එක දවසක් අපි දෙන්න කතා කලා. පළ‍වෙනි දවස නම් හරිම අමුතුයි. එයා ගොඩක් දේවල් මගෙන් ඇහුවා.මම කලින් ආදරය කරලා තියෙනවද කියලත් මගෙන් ඇහුවා. මම කිවුවා නෑ කියලා. මමත් එයාගෙන් ඇහුවා කීවෙනියටද මාව බලන්න ආවෙ කියලා. එයා කිවුවා අට වෙනියට කියලා. මම ඇහුවා ඔච්චර මොනාද බැලුවෙ කියලා. එයා හිනා වුවා විතරයි මොකුත් කිවුවෙ නෑ. ඔය විදියට එයා දිගටම කතා කලා. ඔය විදියට අපි කිට්ටු වුනා. එයාලට පුදුම හදිස්සියක් තිබුනෙ අපේ විවාහය ඉක්මනින් කරන්න.මේවට නම් අපේ ගෙදරින් එච්චර ඉක්මන් වුනේ නෑ. දැන් ඉතින් අපේ ගෙදරනුත් එහේ යන්න එපාය. සැප්තැම්බර් මාසෙ අපේ ගෙදරින් එහේ ගියා. අමිල අයියා වැඩ කලේ විදුලිබල මණ්ඩලයේ. එයා සිප්ට් එකට තමයි ඩැඩට ගියේ. එයා මට කිවුවා අම්මලත් එක්ක මටත් එහේ එන්න නැත්තම් තරහා වෙනවා කියලත් කිවුවා.මම කිවුවා මට බෑ එහෙම කෙල්ල කොල්ලගෙ ගෙදර යන්නෙ නෑනෙ කියලා. ඒත් එ‍හේ ඇන්ටිලත් අපේ අම්මට බල කලා මාව එක්කරගෙන එන්න කියලා. අන්තිමට මම අකමැත්තෙන් වුනත් ඒ ගමනට එකතු වුනා.

අපේ තාත්තගෙ අක්කා ඉන්නෙ රත්නපුරේ. එයා ගුරුවරියක්. අපි හමෝම එකතු වුනේ නැන්දලගෙ ගෙදරට. මේ ගමනට තාත්තගෙ නංගිත් අපේ අම්මා‍ගේ නංගිත් ආවා. ඒ දෙන්නත් ගුරුවරියන්.ඔන්න ඉතින් අපි හැමෝම වාහනයකින් අමිල අයියලගේ ගෙදර ගියා. දැන් තමයි කතාවේ හොදම හරිය. එයාලා අපිව සතුටින් පිළිගත්තා. එදා මම සල්වාර් එකක් ඇදලයි ගියේ.මගේ යාලුවාත් මේ ගමනට ආපු  නිසා මට පාලුවක් දැනුනෙ නෑ. ඇත්තටම එයාලට හොදටම සල්ලි තිබුනා. එයාගෙ තාත්තා ඒ වෙන කොටත් පිට රට තමයි හිටියේ. එයාගේ අක්කා හෙදියක්. එයාට පුතාල දෙන්නෙකුත් හිටියා. අපේ ගෙදර මාව බලන්න ආපු නැති අමිල අයියගේ අම්මගෙ යාලුවෙකුත් එදා එහේ ඇවිත් හිටියා. එයා හරිම අමුතුයි වගේ මට නම් දැනුනෙ.

ටික වේලාවකින් කෑමට ආරාධනා කලා. ඇත්තටම ඒ වෙලාවේ අම්මලා ඉස්සෙල්ලා කෑම කෑවා. අපි කෑමට ගියේ පස්සෙ. එදා අමිල අයියගෙ  හොදම යාලුවත් ඇවිල්ලයි හිටියේ. ගොඩක් දේවල් මේසය මත තිබුනා. මට නම් බඩගින්නක් තිබුනෙ නෑ. ඒත් ඉතින් අමිල අයියගෙ අම්මා අපිට බත් බෙදා ගන්න කියලා බල කලා. මම එදා කෑවෙ හරිම පොඩ්ඩයි. ඔක්‍කොම එළවලු විතරයි කෑවෙ. චිකන් එහෙම කෑවෙත් නෑ. ඊට පස්සෙ ඩෙසට් එක ටත් එක එක දේවල් තිබුනා. මම කැමතිම අයිස් ක්‍රීම් තියෙද්දිත් මම කෑවෙ කෙ‍හෙල් ගෙඩියක් විතරයි. අපි කන ගමන්  එක එක දේවල් කතා වුනා. දැන් ඉතින් කාල බීලත් ඉවරයි. අපි සාලෙට යද්දි අනෙක් අය ලොකු කතාවක. ඔන්න ඉතින් අමිල අයියගෙ අම්මා අපේ නැන්දව ස්කෝලෙ යන කාලෙදි ඉදන් දන්නවා කියලා කිවුවා. බලනකොට අපේ නැන්ද ඒ පැත්තෙ ස්කෝලෙක වැඩ කරලා තියෙනවා. හවස අපිට තේත් ලැබුනා. ඔන්න ඔය විදියට එදා දවසත් ගෙවුනා. අමිල අයියලෙ උපන් දිනේ තිබුනෙ සැත්තැම්බර් දෙවෙනිදා. අපි එහේ ගියේ ඊට පස්සෙ නිසා මම ටයි එකකුත් එයාට දුන්නා. ඊට පස්සෙ හැමෝටම ආචාර කරලා අපි නැවත නැන්දලගෙ ගෙදර ගියා.......................

ආදරයක් නොවූ ආදර කතාවක් (2)

එදා හරිම කලබලකාරි දවසක්.එදා ‍දෙදහස් දහය වර්ෂයේ අගෝස්තු  විසි එක් වෙනිදා.මම එදා ඇන්දෙ ක්‍රීම් පාට සාරියක්.ඒකෙ රතු පාට මල් තිබුනා.එදා අපේ පුංචිලත් අපේ ගෙදර ආවා.මගේ යාලුවා අමාලි අක්කා උදේම අපේ ‍ගෙදර ආවා අපට උදවු කරන්න.ටික ‍‍වෙලාවකින් වාහනයක් නවත්වන සද්දය අපට ඇහුනා. මම නම් හොදටෝම බය වෙලයි හිටියෙ.පුංචි අම්මා ලගට ඇවිත්,
"දුවේ කට්ටිය ආවා ඉක්මනින් ලෑස්ති වෙන්න" කියලා කිවුවා. මම පුංචි අම්මාගෙන් " මනමාළයා උසද? " කියලා ඇහුවා. මම එයා ගැන අහල තිබුනට ඒ වෙනකොට පිංතූරයකින්වත් දැකලා තිබුනෙ නෑ. පුංචි අම්මාත් "ඔව් දුවේ මනමාළයා නම් උසයි  "  කියලා කිවුවා. ඔයාලා හිතාවි ඇයි මම උස ගැනම ඇහුවෙ කියලා.ඇත්තටම මම ගොඩක් උස නිසා තමයි එහෙම ඇහුවෙ.

                තප්පරෙන් තප්පරේ ගෙවිලා ගියා.ටික වෙලාවකින් මගේ අම්මා කාමරයට ආවා.අම්මා අතේ හෙප්පුවක් තිබුනා.ඒකෙ බුලත්තියලා සුදු පිරුවටයකින් වහලයි තිබුනෙ.අම්මා ඒක මගෙ අතට දීලා මගෙ ඔලුව අත ගාලා  "දුවේ සෙටියෙ තනියම වාඩි වෙලා ඉන්න දරුවට මේක දීලා ආචාර කරන්න" කියලා  කිවුවා.අම්මාත් මාත් සමග කාමරයෙන් එළියට ආවා.මමත් අම්මා කියපු ආකාරයටම සාලෙට ගියා.හැමෝම මම දිහා බලාගෙන හිටියා.මට ලැජ්ජ හිතුනා. ඊට පස්සෙ මම හෙප්පුව ඒ අයියා අතට දීලා ආචාර කලා.අනෙක් අයටත් ආචාර කරලා වෙන පුටුවක ඉද ගත්තා.කට්ටිය එක එක ප්‍රශ්න මගෙන් ඇහුවා.
ඊට පස්සෙ ඒ අයියටයි මටයි තනියම කතා කරන්න ඉඩ දීලා අනෙක් අය අයින් වුනා.
අයියා: ඔයාගෙ නම මොකක් ද?
මම: ඉසුරි කියලා කිවුවා
මේ විදියට මමත් එයාගෙ නම එහෙම දැන ගත්තා. ඒ අයියගෙ නම අමිල. අපි ටිකක් විස්තර කතා කලා එයාට හොදටම දාඩිය දාලයි තිබුනෙ. එයා දාඩිය පිහ දදා තමයි මාත් එක්ක කතා කලේ. ඔය අතරෙදි අනෙක් අයගෙ කතා වලින් මට තේරුනා එයා හොද රගර් පේයර් කෙනෙක් කියලා. ඔය විදියට දවල් කෑමත් ලෑස්ති වුනා .ටික වෙලාවකින් ආපු හැමෝම කෑම කෑවා. එයාලගෙ අම්මා අපේ අම්මාත් සමග ගොඩක් දේවල් කතා කලා. ඊට පස්සෙ හවසට තේ බීලම ඒ අය පිටත් වුනා. මේ විදියට එදා දවසත් ගෙවිලා ගියා. එයාලා ගියාට පස්සෙ තමයි මගෙ යාලුවා එහෙම ගියේ. එයා යන්න ඉස්සෙල්ල  "කොහොමද නංගි අයියා හොදද?" කියලා ම‍ගෙන් ඇහුවා. මම කිව්වා පස්සෙ කියන්නම් තව ටිකක් හිතන්න ඕන කියලා. ඔය විදියට එදා දවස ගෙවිලා ගියා. එයාලා ගියාට පස්සෙ අපේ ගෙදර අම්මා හා පුංචි අම්මා එයාලා ගැන කතා වුනා........

Friday, July 29, 2011

ආගන්තුකයා බ්ලොග් කලාවෙන් සමු ගනියි

මේ ඉන්නෙ මගෙ මල්ලි. ඔයාලට නම් එයා වෙන්නෙ ආගන්තුකයා.එයා හරිම දක්ෂයි. ලස්සනට සිංදු කියන්නත් එයාට පුලුවන්.එයා තමයි මේ බ්ලොග් කෙරුවාවට මාව හුරු කළේ.කවිකාරි මේ දවස් වල ඉන්නෙ ආගන්තුකයගේ ගෙදර.කවිකාරිට හොදට සනීප වෙනකම්ම ඉන්න වෙන්නෙ ආගන්තුකයගේ ගෙදර.මේ බ්ලොග් කෙරුවාව නිසා කවිකාරිට දවස ගෙවෙනවා දැනෙන්නෙත් නෑ.

බ්ලොග් කෙරුවාව කියලා දුන්න ආගන්තුකයා දැන් ඒක අත අරින්න හදනවා. ඊයෙ රෑ ඉදලා එයා ඉන්නෙ හරිම දුකින්.අහන දේකට හරියට උත්තර දෙන්නෙත් නෑ.අනේ මගේ මල්ලියාට මොනා වෙලාද දන්නෙ නෑ.මම හිතන්නෙ එයාට කවුරු හරි මොනා හරි කියලා.මම ඇහුවට විස්තරයක් කියන්නෙත් නෑ.මේ පිංතූරෙ දැක්කම පේනවනෙ එයා සසර කළ කරිල ඉන්න විත්තිය.

කොහොම වුනත් ආගන්තුකයට ලස්සනට බ්ලොග් ලියන්න පුළුවන්.එයා වගෙ කෙනෙක් මේක නවත්වන එකට මට නම් හරිම දුකයි.එයා‍‍ගෙ බ්ලොග් එකේ ගොඩක් යාලුවෝ ඉන්නවා.එයාලත් කියන්නෙ ආගන්තුකයට දිගටම ලියන්න කියලයි.‍කොහොම වුනත් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ආගන්තුකයගෙ හිත වෙනස් වෙලා මේ බ්ලොග් කෙරුවාවෙඅපිත් එක්කම දිගටම රැදේවා කියලා.එතකොට අපට තවත් හරවත් බ්ලොග් කියවන්න ලැබේවි ...................

ආදරයක් නොවූ ආදර කතාවක් (1)

මේක ටිකක් දිග කතාවක්. අපි හැමෝම කාට හරි ආදරය කරනවානෙ. සමහරු ආදරය කරලා දිනනවා. සමහරු පරදිනවා .ඒක එකිනෙකාගේ ‍දෛවය අනුවයි තීරණය වන්නේ. මේ ලියන්න යන්නෙ ඇත්ත කතාවක්.
                    
මේ ගිය අවුරුද්ද අග භාගයේදි සිදු වූ එක්තරා සිද්ධියක්. කවිකාරිල ‍ගෙ විද්‍යාපීඨ ජීවිතේ අවුරුදු .තුනකට සීමා වුනා. තුන්වෙනි අවුරුද්ද සීමාවාසි වසරයි. එතකොට කවිකාරිලට එක එක ස්කෝල ලැබුන. කවිකාරිට ලැබුනෙ නුවර පිහිටි ජනප්‍රිය පාසලක්. කවිකාරි හරිම සතුටින් තමයි පාසල් ගි‍යේ. ඇත්තටම මාත් සමග තව යාලුවො දෙන්නෙක් එම පාසලේ සේවය කලා. අපි ළමයිට ඉගැන්නුවා. ළමයිනුත් අපට ගොඩක් හිතවත් වුනා.

කවිකාරිගෙ හොදම යාලුවා අමාලි. එයත් ගුරුවරියක්. අපි දෙන්න එකම ස්කෝලෙක තමයි ඉගෙන ගත්තෙ. එයා හැමදාම වගේ කවිකාරිට කෝල් කරනවා. එයා මට වැඩිය අවුරුදුදක් වැඩිමල්. එයා මගෙන් එක දවසක් ඇහුවා ඔයා දැන්වත් කාට හරි ආදරය කරනවද නංගි කියලා. මම කිව්වා නෑ අම්මලා කියන ‍දෙයක් තමයි මම කරන්නෙ කියලා. එයාලගෙ නෑයො  වෙන අයියා කෙනෙකුට කෙනෙක් හොයන විත්තිය කිව්වා.





"මම අම්මලගෙ හිත නම් රිද්දන්න බෑ අක්කෙ. ඔයාට ඔච්චරම ඕන නම් ගෙදරින් අහන්න " කියලා මා කිවුවා. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. අක්ක අපේ ගෙදරට කිව්වා. අපේ අම්මත් මගෙ වයස හරි නිසා අගෝස්තු නිවාඩු කාලෙදි ඒ අයට  එන්න කිව්වා. ඔන්න ටික දවසෙකින් ඒ අය අපේ ගෙදර ආවා. එදා මට හරියට භය හිතුනා. මේ වගෙ දේකට මම කලින් මුහුණ දීලා තිබුනෙ නෑ. හෙප්පුව අල්ලන විදිය දැනගෙන හිටියෙ නෑ. ඒ ඔක්කොම අළුත් අත්දැකීම් උනා........

Thursday, July 28, 2011

විද්‍යා පීඨ ජීවිතයේ සුන්දර මතකයන්

          ඉතින් කාලය ඉක්මනින්ම ගෙවිලා ගියා.අපි ඇත්තටම සතුටින් තමයි කාලය ගත කලේ .විද්‍යාපීඨය තුළදි  නොයෙකුත්  දේ කරන්න අපට සිදු වුනා. ඉතින් උදේම නැගිටලා මොනින් මාස්ටර් යන්නත් කවිකාරිලට සිදු වුණා. ඒක තමයි එපා වෙන වැඩේ. මොකද සීතලෙ ගැහි ගැහී එළියට යන්න එපාය. සමහරු මෝනින් මාස්ට යන්න හරිම කම්මැලියි.ඒක නිසා ‍ගොඩක් අය ඒක කට් කලා .හොස්ටල් ඩියුටි ලැබෙන දවසට තවත් ඩැඩ වැඩියි.මෝනින් මාස්ට යන්න කලින් ගොඩක් දේ හොස්ටල් එකේදි කරන්න ඕන . ඒවා කරන්න ඕන එදාට ඉන්න ඩියුටි කරන කෙනා.උදේ පාන්දරින්ම හොස්ටල් ඩියුටි තමයි නැගිටින්නෙ.ඒ කරලා එයා තමයි ඩයිනින් එකෙන් තේ ඇරගෙන එන්නෙ .තේ ‍ගෙනල්ල එයා  තේ ‍ගෙනාව ළමයි නැගිටින්න කියලා කෑ ගහනවා .එතකොට තමයි ඔක්කොමලා නැගිටින්නෙ.ඊට පස්සෙ එයා අනෙකුත් වැඩ කරනවා .රූම් එකින් එකට උදේම ගිහිල්ලා මෝනින් මාස්ට යන්නෙ කව්ද කියලා අහනවා .එයා ලග තියෙන කොලේ ඒවා ඔක්කොම ලකුණු කරනවා .ඊට පස්සෙ යන ළමයි ටිකත් එක්ක එයත් මෝනින් මාස්ට යනවා.ඒක ඇත්තටම පොඩි රැස්වීමක්.හොස්ටල් ඩියුටි මේන් ඩියුටි කරන කෙනාට එයා ලකුණු කල කොලේ දෙනවා .ඊට පස්සෙ පස්සෙ ඩියුටි ඉස්සරහින් ඉදලා අනෙක් ළමයි එයා පිටු පසින් පේළියට හිට ගන්නවා .මේ විදියට හොස්ටල් වයිස්  හැම ඩියුටි කෙනෙක්ම තමන්ගෙ කණ්ඩායමත් එක්ක ඉන්නවා .

ඒක හරි පුදුම අත්මැකීමක් .මෝනින් මාස්ට භාර සර් ආවට පස්සෙ විද්‍යාපීඨ ධජය එසවීමෙන් පසු කණ්ඩායම භාර ඩියුටි තම කණ්ඩායම පහසුවෙන් හා සීරැවෙන් තියලා ඉන්න ළමයි සංඛ්‍යාව වාර්තා කරනවා .ඔය විදියට තමයි දවසේ වැඩ ඇර‍බෙන්නෙ.සමහර දවසට ගොඩක් ළමයි මේක කට් කරනවා එදාට සර්ට හොද‍ටම කේන්ති යනවා .එදාට සර් ආපු ළමයිව එතන තියලා අනෙක් ළමයිව බලන්න  හොස්ටල්වලට යනවා .ලෙඩ නොවී නිකන් හිටපු හැම ළමයටම එදාට විද්‍යාපීඨ භුමියේ තියෙන වල් ගස් ගලවන්න වෙනවා .එදාට අනෙක් යාලුවෝ ගැන අපිට ගොඩක් දුක හිතෙනවා .මේ විදියට තමයි විද්‍යාපීඨයේ උදේ වරුව ගෙවිලා යන්නෙ.උදේ  හයට මොනින් මාස්ටර් ඉවර වෙනවා. ඊට පස්සෙ අපි හැමෝම පිට්ටනියට යනවා .සර්ල මැඩම්ල අපිට එක එක ජාති කියලා දෙනවා .උදේ හතට අපි නැවත හොස්ටල් යනවා .ඊට පස්සෙ උදේ අටට තියෙන දේශන වලට  යන්න ලෑස්ති වෙනවා .ඔන්න ඔය  විදියට තමයි කවිකාරිලගෙ ජීවිතේ ‍ගෙවිලා ගියේ .මේක කියවන ඔයාලටනම් ගොඩක් වචන අලුත් වේවි.

                                                                                                                         නිමි

Wednesday, July 27, 2011

විද්‍යා පීඨ ජීවිතයේ සුන්දර මතකයන්

  දෙදහස් හත වර්ෂයේ  මැයි මාසයේ දිනක මම විද්‍යාපීඨ ජීවිතයට පා තැබුවා .එදා හරිම සතුටු දවසක් වුනා .කවිකාරිට අලුත් යාලුවෝ ගොඩක් හම්බ වුනා .මේ වෙනකොට නවක වදයත් ටිකක් දුන්නා.කවිකාරිලා බයේ තමයි පංති වලට සහභාගි වුනේ.අපේ  විද්‍යාපීඨයේ  සුදු ඔසරිය තමයි ඇන්දේ . බෝරිච්චි අත දාපු හැට්ටය ඇදීම තහනම් වුනා .මොනවා කරන්නද මම ඇදලා හිටියේ එයින් හැට්ටයත් එක්ක ඔසරිය .අපි පංති වලට යද්දී පේළියට එකා පිටු පස  එක්කෙනෙක් ලෙසයි ගියේ .මෙහෙම යද්දි වැඩි මල් අයියලා අක්කලා අපව භය කරනවා.මෙහෙම යද්දි එයාලා මාව නෝට් කරගෙන කෑ ගැහුවා .මෙහේ ඕවා අදින්න දෙන්නේ නැ ‍මේක මහවැලිය වෙනින් තැන් වල වගේ එක එක විකාර මෙහේ කරන්න බැහැ කිව්වා .ඉතින් මට හොදටම ඇඩුනා.ඇත්තටම මට සම්මුක පරීක්ෂණයෙන් සමත් වු ලිපිය ලැබුනෙ ‍‍ෙගාඩක් පමා වෙලා.හැට්ට මහන්න තරම් වෙලාව තිබුනේ නෑ.ඒත් අම්මා එක හැට්ටයක් නිවැරදි ලෙස මහල දුන්නා දෙවෙනි දවසෙ පංති වලට යන විටදි අදින්න.මම දෙවෙනි දවසෙ පංති වලට සහභාගි වුණේ නිවැරදි ලෙසට ඔසරිය ඇදලයි.එදා කව්රැත් මට මොකුත් කිව්වෙ නෑ.   

     


                                                                          මතුසම්බන්ධයි