Wednesday, August 3, 2011

ආදරයක් නොවූ ආදර කතාවක් (4-අවසාන කොටස)

එදා කවිකාරිල අමිල අයියලගෙ ගෙදරින් පිටත් වුනා. ඊට පස්සෙ කවිකාරිල ගියේ රත්නපුරේ නැන්දලගෙ ගෙදර. ඔය යන ගමන් එයාලා එක එක දේවල් කතා වුනා. ඔන්න ඉතින් තවත් ටිකක් වෙලා ගිහින් කවිකාරිලත් එක්ක ගමනට සහභාගි වුන නැන්දයි පුංචියි ආපහු කොළඔ යන්න පිටත් වුනා. එදා දවසත් ඔන්න ඔය විදියටයි ගෙවිලා ගියේ. එදා රෑ කවිකාරිල හිටියේ රත්නපුරේ එයාලගේ නැන්දලගෙ ගෙදර. වෙනදට හැමදාම කතාකරන අමිල අයියා එදා කතා කලේ නෑ.හැමෝම ඇහුවා අයියා කතා කලාද කියලා.මම කිවුවා අද රෑට අයියා වැඩට යනවා කිවුවා තව රෑ වෙලා සමහර විට කතා කරාවි කියලා. ඒත් කෝල් එකක් තියා එස් එම් එස් එකක් වත් ආවෙ නෑ. ඒත් මම හැමදාම වගේ අපි නැන්දලගෙ ගෙදර ආව කියලා එස් එම් එස් එකක් ගැහුවා. එදා රෑ අපේ නැන්දට බඩේ කැක්කුමක් හැදුනා.

එයා රෑ තිස්සෙ හිටියෙ හරිම අමාරුවෙන්. අපේ තාත්තත් බඩ අප්සෙට් කියලා දෙතුන් පාරක්ම ටොයිලට් ගියා. කොහොම වුනත් උදේ වෙනකොට දෙන්නටම ඒ තරම් අමාරුවක් තිබුනෙ නෑ. දැන් ඉතින් ස්කෝලෙ නිවාඩුවත් ඉවර නිසා එහෙම්මම නුවර යන්න කවිකාරි පිටත් වුනා.කවිකාරිලගෙ අම්මයි තාත්තයි ගෙදර යන්න පිටත් වුනා. ඉතින් එදා කවිකාරි ගියේ බෝඩිමට. ඊලග දවසෙ ස්කෝලෙ යන්න ලෑස්ති වුනා. එස් එම් එස් එකට රිප්ලයි එකක් වත් ආපු නැති නිසා කවිකාරි අමිල අයියට කෝල් එකක් ගත්තා. ෆෝන් එක වැඩ කලේ නෑ. ඊට පස්සෙ ගෙදර ෆෝන් එකට කෝල් කලා. ඒකට ආන්ස(ර්) කලේ අමිල අයියගෙ අම්මා.

එයා කිවුවා "අයියා ෆෝන් එකගෙදර දාලා ගිහිල්ලා දුවේ.ගෙදර ආවම කෝල් එකක් දේවි කියලා."ඊ ලග දවසෙ මම ස්කෝලෙ ගියා.වෙනද වගේම ළමයින්ට ඉගැන්නුවා. විවේක කාලෙදි මගේ යාලුවෝ දෙන්න විස්තර ඇහුවා.මම එයාලා දෙන්නත් එක්ක ඔක්කොම කිවුවා.එදා පාසල ඇරුනට පස්සෙ මම ‍බෝඩිමට ගියා.

එදා හවස කවිකාරිලගෙ අම්මා කතා කරලා අමිල අයියගෙ අම්මා කතා කල විත්තිය කිවුවා.අමිල අයියගේ අම්මා ඇහුවලු ඔයාලගේ ආපු කවුරු හරි ලෙඩ වුනාද කියලා. අපේ අම්මත් කියලා දෙතුන් දෙනෙකුට බඩේ කැක්කුම හැදුනා කියලා. ඊට පස්සෙ ඒ ඇන්ටි කියලා අපේ පුතාටයි දුවටයි දෙන්නටම එදා රෑ  අසනීප වුනානෙ කියලා. ඊට පස්සෙ කිවුවලු එදා චිකන් එක දෙපාරට ගෙනල්ල හැදුවෙ. ඒක තමා අප්සෙට් වුනේ කියලා. අපේ අම්මා මට කිවුවා හරියට කෑම වේලක් දෙන්න බැරි මිනිස්සුත් එක්ක මොන මගුල් ද ඔයා හිත හදා ගන්න කියලා. මම කිවුවා ඕක අත් වැරදීමක්නෙ  අම්මා අපි ඕක ගන්න ගන්නෙ නැතුව ඉමු කියලා. ඇත්තටම ඊට පසසසෙ අමිල අයියා කතා කලේ නෑ. අමිමා ඇහුවා අයියා කතා කලාද කියලා මම නෑ කිවුවා. ඊට පස්සෙ අපේ ගෙදරින් කුරුවිටට කතා කලා. එතකොට අමිල අයියගෙ අමිමා කියලා එදා ආපු අය එයාට විහිලු කරලලු මම අයියට වැඩිය උස පේනවා කියලා. ඒකට අප්සෙට් ගිහිල්ලා එයා කියලා මම ගෙදරට ගේන කෙල්ලට කවුරුත් මොනවත් කියවනට කැමති නෑ. මම මේ නංගි මෙහේ ගෙනාවොත් එයාට එක එක කතා කියයි. එහෙම දුකක් එයාට දෙන්න ඕන නෑ කියලා. එයා මට ආයෙ කතා කරන්නෙ නැ කියලා ගෙදර අයට කියලා. අමිල අයියගෙ අම්මා කියලා අපිටත් හරි දුකයි වෙච්ච දේට කියලා.

අපේ අම්මත් කියලා ගෑනු ළමයිව බලන්න ආපු දවසෙත් උස බලලා නේද කැමති වුනේ. මීට පස්සෙවත් පුතාට මනමාළියෝ බලනකොට ඔයාගෙ යාලුවාත් එක්කගෙන යන්න. පළවෙනි දවසෙම බෑ කියන්න . ඔය විදියට ගෑනු ළමයිගෙ ජීවිතත් එක්ක සෙලලම් කරන්න එපා.කියලා අම්මාත් කේන්තියට කියලා.

මොනා කරන්නද ඇත්තටම මම ඔච්චර දුරකට මේක හිතුවෙ නෑ.මට නෑයොන්ට මූණ දෙන්නත් ඇත්තටම අමාරු වුනා. එදා මම ඒ ගමන නොගියා නම් අපි තාමත් ආදරය කරාවි.එහෙනම් මට මේ දේට මුහුණ දෙන්න වෙන්නෙ මීට වඩා වෙනස් විදියට මම හිතුවා. මේ ලෝකෙ ඉන්නෙ පුදුම මිනිස්සු කියලයි මට හිතුනෙ.මම ගොඩක් ඇඩුවා. උස පිටින් දැම්මෙ එදා එයාලගෙ ගෙදරදි කෑම දීලා එයාලට වෙච්ච ලැජ්ජාව වෙන්න ඇති. ඔන්න එක දවසක් අමාලි අක්කා මට කතා කලා. මම විස්තර ඔක්කොම එයාට කිවුවා. එයාටත් හරි දූකයි.එයා අමිල අයියට කෝල් කලාට එයත් එක්කවත් අමිල අයියා කතා කරලා නෑ. හැබැයි එස් එම් එස් එකක් නම් එවලා අක්කගෙන් සමාව ඉල්ලලා. ඒක අමාලි අක්කා පස්සෙ දවසක මට පෙන්නුවා. එයා කියලා තිබුනා "මම ඒ නංගිට ගොඩක් ආදරෙයි.‍ දෙන්නටම දුක වැඩි වෙන නිසයි මට කතා නොකලෙ කියලා. මමත් ඉන්නෙ හරි දුකින් අක්කෙ" කියලත් ගහලා තිබුනා. ඇත්තටම මට හිතුනා මම ගොඩක් ලොකු දේකින් බේරුනා කියලා. මේකටද සැබෑ ආදරය කියලා කියන්නෙ. මේ වගෙ කොන්ද පණ නැති පිරිමි ඉන්නවද කියලා මට හිතුනා.එයා බලන්න ගියපු අනෙක් ගෑණු ළමයි හත් දෙනාටත් මේ දේම නේද සිද්ධ වෙන්න ඇත්තෙ.දුවේ ඔයාට හොද දරුවෙක් හම්බ වෙයි කියලා නැන්දලා කිවුවා. එයා ඔයාගෙ විදියට සෝසල් නෑ කියලා එදාමයි අපිට හිතුනෙ කියලා නැන්දලා කිවුවා. ටික දවසක් යන කම් මම ඇඩුවා.



මුහුදෙ ඉන්නෙ එක මාලුවායැයි කියලා මට හිතුනා. උස කොල්ලෝ ලෝකේ කොච්චර ඉන්නවාද,  මට දුක කාටවත් දුකක් නොදීපු මම වගේ කෙල්ලෙකුටත් මෙහෙම දෙයක් සිද්ධ වුනානෙ.කොහොම හරි කොල්ලො සංහතියම එපා වුනා. දැන්නම් කතාව ලියලා ඉවරයි. මේක කියවන ඔයාලට මොනා හතෙයි ද දන්නෙ නෑ. 



මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට ඇරන් යන්න ඇත්තේ 
ඒ මතකය විතරයි...............................................

7 comments:

  1. සමහර මිනිස්සුන්ගේ ගති ලක්ෂන මාසයක් දෙකක් තියා අවුරුදු දහයක් කතා බහ කරලා වත් හඳුන ගන්න බැරි වෙයි, කාලම බලන්න ඕනේ කරන ජාතියේ අය,එයා ඇත්තටම ඔයාට ආදරය කළා නම් ඔය අනුන්ගේ විහිළු උස වගේ දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..ඔය දේ ඔය විදියට වුන එක හොඳයි බැරි වෙලාවත් ඔය දෙන්නා කවදා හරි විවාහ වෙලා එහෙම දවසකත් එයා ඔය තීරණයම අර ගත්තා නම් මොකද වෙන්නේ..? වෙලාව ආවම සුදුසු කෙනා මුණ ගැහෙයි..

    ReplyDelete
  2. හ්ම්...මම් මුලින් හිතුව හොද ලස්සන අවසානයක් ඇති කියල.

    ආදරය විවාහය වගේ දේවල් වලදී හිතත් එක්ක ගනුදෙනු ගොඩක් පරිස්සමෙන් නංගි.මට හිතාගන්න බෑ වැඩිහිටියෝ වගකිවයුතුඅය විදියට ඇයි මෙහෙම දේවල් කරේ කියල.දුරදිග යවන්නෙ නැතුව හා නම් හා බෑ නම් බෑ කියන්න නැතුව.ඔයාට හොද කෙනෙක් ලැබෙයි දුක් වෙන්න එපා.

    ReplyDelete
  3. ආගන්තුකයා ත් සිද්ධිය දැනගෙන හිටියෙ නෑ හරියට.. දැන් තමයි දන්නේ! කොහොම හරි.. අක්කාට වරදින්නෙ නෑ අක්කේ.. අපි ඉන්නවා නේ අක්කාත් එක්ක...

    ReplyDelete
  4. කවිකාරි පස්සෙන් පැන්නුවට කතා ටිකම මඟ ඇරිලා නෙව.ආගන්තුකය හන්දා තමයි ආයෙ දැන ගත්තෙ. බ්ලොග් රෝල් එක බුලක් ගහලා වගෙයි. දැන්මම බලන්න ඕනෙ.

    කතාවෙ කොටස් 4ම එක දිගට කියෙව්වා. ටිකක් විකර දුක හිතුනා.ඒත් ඊට වඩා දුක හිතුනා ඔයාගෙ හිතිවිල්ල ගැන.මේකයි නංගියෝ ජීවිතේ කියන්නේ අපි ආස කරන හැම දෙයක්ම අපිට ලැබෙන සිද්ධි දාමයකට නෙවේනෙ නේද? ඔයා ඔය තරම් ඉක්මණට කඩා වැටෙන්න එපා. මං දකින විදියට නම් මෙච්චර හොද ඔයාට නරක කෙනෙක්ට ලං වෙන්න ස්වභාධර්මයවත් ඉඩ දෙන් නෑ. ඒකයි ඔයාගෙන් ඒ මල්ලිව ඈත් කලේ. එයාට ඔයාව ඕනෙම නම් ඔය විදියට මඟ අරින් නෑ මට හිතෙන හැටියට. ඒ හන්දා ඕක අමතක කරලා දාමු හිමි හිමීට...
    ඔයා වෙනුවෙන් ඔයාට මහ මෙරක් තරම් ආදරේ කරන කෙනෙක් අනිවා ඉන්නවා මේ ලංකාවෙම. එයා ඔයාව හොයා ගන්නකම් ටිකක් ඉවසලා ඉන්න.. දෙන්නට දෙන්නා හම්බ වුන දවසක අපිටත් කියන්න..
    ඔයා දුකින් ඉන්න කොට බලන්න, තව කී දෙනෙක් දුකින්ද කියලා.. ඒ අය වෙනුවෙන්වත් දුක අමතක කරලා සතුටින් ඉමු නේද නංගියෝ...

    ReplyDelete
  5. හ්ම්ම්...සමහර අයව අදුරගන්න බැහැ අවුරුදු ගානක් ආශ්‍රය කරාටවත්

    ReplyDelete
  6. මගේ කතාව කියවපු ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි.වෙන වෙනම ලිවුවෙ නැතිවට තරහ වෙන්න එපා.ඔයාලා හැමෝගෙම අදහස් මට ගොඩක් වටිනවා.

    ReplyDelete
  7. jivitheta oowa godak hoda experence 1k kara ganna! aththatama adare karana Kavikarayek ape kavikarita labenna kiyala godak vsh karanawa! kathawa lassanai! awasanaya mokak unath lassana aththa kathawak :) = )

    ReplyDelete