Monday, July 25, 2011

ඇරඹුම

     ‍‍‍මේ දවස් ටික හරිම අමුතු විදයට තමයි කවිකාරිට ගෙවිලා යන්නෙ.මේක අරඔන්න කිව්වෙත් ආගන්තුකයා.කවිකාරිට හදිසියේම ලොකු සැත්කමකට භාජනය වුනා ගිය සිකුරාදා.දැන් කවිකාරිට හරියමට කතා කරන්න ,හිනා වෙන්න අමාරැයි .මේ දවස් වල ආගන්තුකයා තමයි කවිකාරිට උදව් කරන්නෙ.ජීවිතේ කියන්නෙ හරිම පුදුමාකාරි එකකටයි.මෙච්චර කාලෙකට කවිකාරි ජීවිතේ විදින්න පුරැදු වෙලායි හිටියේ .ඒත් මේ අසනීප ගතිය නිසා ජීවිතේ විදවන්න වේවිද දන්නෙනෑ.සියලු දේ අනිත්‍ය නිසා ජීවිතේ එන ඕන දෙයකට මුහුණ දෙන්න කවිකාරි හිත හදාගෙන ඉවරයි.කවිකාරිගෙ අම්මයි තාත්තයි මේ දවස් වල ජීවිතේ ගෙවන්නෙ හරිම දුකින්.ද‍ැන්නම්  බෙල්ල ටිකක් රිදෙන නිසා මේක ලියන එක අමාරැයි.මේක කියවන ඔයාලත් ජීවි‍තේ විදින්න පුරැදු වෙන්න.

12 comments:

  1. ඇරඹුම අපූරුයි. ඔවු ඔවු ඉතිං මම තමා කිවුවේ එන්ට කියලා. දිගටම ලියමුටක‍ේ එහෙනම්.

    ReplyDelete
  2. ශරිරයෙන් පේන්න රෝගයක් නැති වුනත්,අඩුම තරමේ මේ සමාජ රටාව එක්ක ගොඩක් ඈයොන්ගේ හිත් ලෙඩ වෙලා තියෙන්නේ.. ඒත් අපි ශක්තිමත් පරපුරක්..අපිව පරද්දන්න කිසිම දේකට බෑ..නැගිටින්න..ලෝකේ දිහා බලන්න..අපිට වඩා දුක් විදින මිනිස්සු කොයි තරම් ඉන්නවද... ඔයාට ඉක්මනට හොද වෙයි..

    විදවන ජීවිතේ ගැන නෙමේ..විදපු ජීවිතේ ගැන හිතන්න..විදින්න තියෙන ජීවිතේ ගැන හිතන්න..ඒ ගැන කුරුටු ගාන්න පටන් ගන්න..ඉබේම සතුට ලගට එයි..

    ඉක්මන් සුවය පතනවා..යාලු

    ReplyDelete
  3. සුබ පතනව බ්ලොග් ලියන්න එකතු උන එකට.ඔක්කොම දුක් අමතක කරල එහෙනම් ලියන්නකො බලන්න.


    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නකෝ

    ReplyDelete
  4. ඔව් ...දිගටම හිතෙන දෙයක් ලියන්න..... අපි එන්නම් බලන්න අලුත් බොලොගයට ඔන්න මගෙනුත් සුබ පැතුම්...!!
    Word verification ඉවත් කර ගන්න කොමන්ට් දාන කොට ලේසියි..

    ReplyDelete
  5. කවිකාරිට ඉක්මන් සුව.. දිගටම ලියන්න, සුභ පැතුම්..!!!!

    ReplyDelete
  6. මමත් බ්ලොග් කෙරුවාවට අලුත්.
    දිගටම ලියන්න ඔන්න මගෙනුත් සුබ පැතුම්....

    ReplyDelete
  7. හැමෝටම බොහොම ස්තුතියි. මේ ඇරඹුමේදි මාත් එක්ක හිටියා වගේම මේ අය මාත් එක්ක දිගටම ඉදී කියලා හිතනවා. වෙන වෙනම කිවුවේ නැති උනාට මේ හැම කෙනෙක්ම කවිකාරිට ලොකු හයියක්.. ආයෙමත් බොහොම ස්තුතියි!

    ReplyDelete
  8. ආ.. කට්ටිය Word verification ගැන කියපු එක හොදයි. මම අයින් කරන්නම්. බොහොම ස්තුතියි ඒක පෙන්නලා දුන්නාට!

    ReplyDelete
  9. කවිකාරිට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම ලස්සන කවිත් අපිට රසවිදින්න ඉක්මනට ලැබේවි කියලත් හිතනවා :)
    දිගටම ලියන්න ...මගෙනුත් සුභ පැතුම් :)

    ReplyDelete
  10. ඉක්මන් සුවය පතනවා කවිකාරී....අපිත් තාම අළුත්.ලියන්න අපිත් එන්නම් බලලා යන්න .සුභ පැතුම් දිගු ගමනකට...

    ReplyDelete