Friday, July 29, 2011

ආගන්තුකයා බ්ලොග් කලාවෙන් සමු ගනියි

මේ ඉන්නෙ මගෙ මල්ලි. ඔයාලට නම් එයා වෙන්නෙ ආගන්තුකයා.එයා හරිම දක්ෂයි. ලස්සනට සිංදු කියන්නත් එයාට පුලුවන්.එයා තමයි මේ බ්ලොග් කෙරුවාවට මාව හුරු කළේ.කවිකාරි මේ දවස් වල ඉන්නෙ ආගන්තුකයගේ ගෙදර.කවිකාරිට හොදට සනීප වෙනකම්ම ඉන්න වෙන්නෙ ආගන්තුකයගේ ගෙදර.මේ බ්ලොග් කෙරුවාව නිසා කවිකාරිට දවස ගෙවෙනවා දැනෙන්නෙත් නෑ.

බ්ලොග් කෙරුවාව කියලා දුන්න ආගන්තුකයා දැන් ඒක අත අරින්න හදනවා. ඊයෙ රෑ ඉදලා එයා ඉන්නෙ හරිම දුකින්.අහන දේකට හරියට උත්තර දෙන්නෙත් නෑ.අනේ මගේ මල්ලියාට මොනා වෙලාද දන්නෙ නෑ.මම හිතන්නෙ එයාට කවුරු හරි මොනා හරි කියලා.මම ඇහුවට විස්තරයක් කියන්නෙත් නෑ.මේ පිංතූරෙ දැක්කම පේනවනෙ එයා සසර කළ කරිල ඉන්න විත්තිය.

කොහොම වුනත් ආගන්තුකයට ලස්සනට බ්ලොග් ලියන්න පුළුවන්.එයා වගෙ කෙනෙක් මේක නවත්වන එකට මට නම් හරිම දුකයි.එයා‍‍ගෙ බ්ලොග් එකේ ගොඩක් යාලුවෝ ඉන්නවා.එයාලත් කියන්නෙ ආගන්තුකයට දිගටම ලියන්න කියලයි.‍කොහොම වුනත් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ආගන්තුකයගෙ හිත වෙනස් වෙලා මේ බ්ලොග් කෙරුවාවෙඅපිත් එක්කම දිගටම රැදේවා කියලා.එතකොට අපට තවත් හරවත් බ්ලොග් කියවන්න ලැබේවි ...................

6 comments:

  1. හ්ම්... ඒකත් එහෙම ද ?
    බලමු අපි එයාට කතා කරලා....

    ReplyDelete
  2. ay ee yanne ?? :( mallige blog 1 gud! hodai! ay ee liwilla atharinne :(

    ReplyDelete
  3. අයියො ලියන්න කියන්න එක එක්කෙනා කියන ඒවා ගනන් ගන්න ගියොත් නම් වාසලා හමාරයි පුතේ.මටත් අර කුනුහරප කොමෙන්ට් දාල තිබ්බෙ.අදාල නැත්තම් තමන්ගෙ පාඩුවේ තමන්ගෙ ගමන යන්න එච්චරයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  4. ආගන්තුකයගේ හිත වෙනස් වෙයි..

    ReplyDelete
  5. sansarasidu:බලන්නකො කතා කරලා මට වම් එයාගෙ හිත වෙනස් කරන්න අමාරුයි
    නදී:ඒක ඇත්ත නදී.ඔයා හරි.

    චතුර:අනේ මන්දා ආගන්තුකයගේ හිත වෙනස් වෙන් පාටන් නෑ

    ReplyDelete
  6. හැර ගියෙමි සියල්ල.... ස්තුතියි ඔබ සැමට...

    ReplyDelete