මේක ටිකක් දිග කතාවක්. අපි හැමෝම කාට හරි ආදරය කරනවානෙ. සමහරු ආදරය කරලා දිනනවා. සමහරු පරදිනවා .ඒක එකිනෙකාගේ දෛවය අනුවයි තීරණය වන්නේ. මේ ලියන්න යන්නෙ ඇත්ත කතාවක්.
මේ ගිය අවුරුද්ද අග භාගයේදි සිදු වූ එක්තරා සිද්ධියක්. කවිකාරිල ගෙ විද්‍යාපීඨ ජීවිතේ අවුරුදු .තුනකට සීමා වුනා. තුන්වෙනි අවුරුද්ද සීමාවාසි වසරයි. එතකොට කවිකාරිලට එක එක ස්කෝල ලැබුන. කවිකාරිට ලැබුනෙ නුවර පිහිටි ජනප්‍රිය පාසලක්. කවිකාරි හරිම සතුටින් තමයි පාසල් ගියේ. ඇත්තටම මාත් සමග තව යාලුවො දෙන්නෙක් එම පාසලේ සේවය කලා. අපි ළමයිට ඉගැන්නුවා. ළමයිනුත් අපට ගොඩක් හිතවත් වුනා.
කවිකාරිගෙ හොදම යාලුවා අමාලි. එයත් ගුරුවරියක්. අපි දෙන්න එකම ස්කෝලෙක තමයි ඉගෙන ගත්තෙ. එයා හැමදාම වගේ කවිකාරිට කෝල් කරනවා. එයා මට වැඩිය අවුරුදුදක් වැඩිමල්. එයා මගෙන් එක දවසක් ඇහුවා ඔයා දැන්වත් කාට හරි ආදරය කරනවද නංගි කියලා. මම කිව්වා නෑ අම්මලා කියන දෙයක් තමයි මම කරන්නෙ කියලා. එයාලගෙ නෑයො වෙන අයියා කෙනෙකුට කෙනෙක් හොයන විත්තිය කිව්වා.
"මම අම්මලගෙ හිත නම් රිද්දන්න බෑ අක්කෙ. ඔයාට ඔච්චරම ඕන නම් ගෙදරින් අහන්න " කියලා මා කිවුවා. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. අක්ක අපේ ගෙදරට කිව්වා. අපේ අම්මත් මගෙ වයස හරි නිසා අගෝස්තු නිවාඩු කාලෙදි ඒ අයට එන්න කිව්වා. ඔන්න ටික දවසෙකින් ඒ අය අපේ ගෙදර ආවා. එදා මට හරියට භය හිතුනා. මේ වගෙ දේකට මම කලින් මුහුණ දීලා තිබුනෙ නෑ. හෙප්පුව අල්ලන විදිය දැනගෙන හිටියෙ නෑ. ඒ ඔක්කොම අළුත් අත්දැකීම් උනා........
කියන්න ඉතුරු ටිකත්!
ReplyDeleteඉතිරියත් ලියන්න නංගි... කියවන්න ආසාවෙන් ඉන්නවා..
ReplyDeleteඉතින් ඉතින්...
ReplyDeleteko ithiriya! eekath danna!
ReplyDeleteකවිකාරිත් මෙගා ටයිප් එකෙන්නේ ලියන්නේ කෝ ඉතින් හොඳම හරිය..
ReplyDeleteඔන්න ඉතුරු කෑල්ලත් දැම්මා ඔයාලට බලන්න.
ReplyDeleteබුලත් හෙප්පු අරන් යන එක මේකාලෙත් වෙනවද?අහන්නත් පුදුමයි.
ReplyDeleteඔවු තාමක් ඒවා තියෙනවා තමයි. තවත් කොටසක් දැම්මා.
ReplyDelete