Saturday, July 30, 2011

ආදරයක් නොවූ ආදර කතාවක් (2)

එදා හරිම කලබලකාරි දවසක්.එදා ‍දෙදහස් දහය වර්ෂයේ අගෝස්තු  විසි එක් වෙනිදා.මම එදා ඇන්දෙ ක්‍රීම් පාට සාරියක්.ඒකෙ රතු පාට මල් තිබුනා.එදා අපේ පුංචිලත් අපේ ගෙදර ආවා.මගේ යාලුවා අමාලි අක්කා උදේම අපේ ‍ගෙදර ආවා අපට උදවු කරන්න.ටික ‍‍වෙලාවකින් වාහනයක් නවත්වන සද්දය අපට ඇහුනා. මම නම් හොදටෝම බය වෙලයි හිටියෙ.පුංචි අම්මා ලගට ඇවිත්,
"දුවේ කට්ටිය ආවා ඉක්මනින් ලෑස්ති වෙන්න" කියලා කිවුවා. මම පුංචි අම්මාගෙන් " මනමාළයා උසද? " කියලා ඇහුවා. මම එයා ගැන අහල තිබුනට ඒ වෙනකොට පිංතූරයකින්වත් දැකලා තිබුනෙ නෑ. පුංචි අම්මාත් "ඔව් දුවේ මනමාළයා නම් උසයි  "  කියලා කිවුවා. ඔයාලා හිතාවි ඇයි මම උස ගැනම ඇහුවෙ කියලා.ඇත්තටම මම ගොඩක් උස නිසා තමයි එහෙම ඇහුවෙ.

                තප්පරෙන් තප්පරේ ගෙවිලා ගියා.ටික වෙලාවකින් මගේ අම්මා කාමරයට ආවා.අම්මා අතේ හෙප්පුවක් තිබුනා.ඒකෙ බුලත්තියලා සුදු පිරුවටයකින් වහලයි තිබුනෙ.අම්මා ඒක මගෙ අතට දීලා මගෙ ඔලුව අත ගාලා  "දුවේ සෙටියෙ තනියම වාඩි වෙලා ඉන්න දරුවට මේක දීලා ආචාර කරන්න" කියලා  කිවුවා.අම්මාත් මාත් සමග කාමරයෙන් එළියට ආවා.මමත් අම්මා කියපු ආකාරයටම සාලෙට ගියා.හැමෝම මම දිහා බලාගෙන හිටියා.මට ලැජ්ජ හිතුනා. ඊට පස්සෙ මම හෙප්පුව ඒ අයියා අතට දීලා ආචාර කලා.අනෙක් අයටත් ආචාර කරලා වෙන පුටුවක ඉද ගත්තා.කට්ටිය එක එක ප්‍රශ්න මගෙන් ඇහුවා.
ඊට පස්සෙ ඒ අයියටයි මටයි තනියම කතා කරන්න ඉඩ දීලා අනෙක් අය අයින් වුනා.
අයියා: ඔයාගෙ නම මොකක් ද?
මම: ඉසුරි කියලා කිවුවා
මේ විදියට මමත් එයාගෙ නම එහෙම දැන ගත්තා. ඒ අයියගෙ නම අමිල. අපි ටිකක් විස්තර කතා කලා එයාට හොදටම දාඩිය දාලයි තිබුනෙ. එයා දාඩිය පිහ දදා තමයි මාත් එක්ක කතා කලේ. ඔය අතරෙදි අනෙක් අයගෙ කතා වලින් මට තේරුනා එයා හොද රගර් පේයර් කෙනෙක් කියලා. ඔය විදියට දවල් කෑමත් ලෑස්ති වුනා .ටික වෙලාවකින් ආපු හැමෝම කෑම කෑවා. එයාලගෙ අම්මා අපේ අම්මාත් සමග ගොඩක් දේවල් කතා කලා. ඊට පස්සෙ හවසට තේ බීලම ඒ අය පිටත් වුනා. මේ විදියට එදා දවසත් ගෙවිලා ගියා. එයාලා ගියාට පස්සෙ තමයි මගෙ යාලුවා එහෙම ගියේ. එයා යන්න ඉස්සෙල්ල  "කොහොමද නංගි අයියා හොදද?" කියලා ම‍ගෙන් ඇහුවා. මම කිව්වා පස්සෙ කියන්නම් තව ටිකක් හිතන්න ඕන කියලා. ඔය විදියට එදා දවස ගෙවිලා ගියා. එයාලා ගියාට පස්සෙ අපේ ගෙදර අම්මා හා පුංචි අම්මා එයාලා ගැන කතා වුනා........

2 comments:

  1. අනේ නංගි ඔයානම් හොද කීකරු දුවෙක් වෙන්න ඕනේ.ඉතින් ඉතින් ඔයා වගේම මනමාලයත් බයවෙලා ඉන්න ඇත්තේ ඒකනේ දාඩිය දාලා තිබ්බෙ :)
    ඉතුරු ටිකත් ලියන්නකො ඉක්මනට.

    ReplyDelete
  2. ඔවු ඔවු අක්කේ මම කීකරු දුවෙක් තමයි. ඔවු එයත් බයවෙන්න ඇති..........ඔන්න තවත් ටිකක් ලිවුවා බලන්න.

    ReplyDelete